මරණ355 ක් දක්වා ඉහළට – අතුරුදන් වූවන් 366 ක් – කලණි ගඟ තවම අවදානම් (VIDEO)

මරණ355 ක් දක්වා ඉහළට – අතුරුදන් වූවන් 366 ක් – කලණි ගඟ තවම අවදානම් (VIDEO)

දිවයිනට බලපෑ අයපත් කාලගුණ තත්ත්වය හමුවේ ඇති වූ ආපදා තත්ත්වයෙන් මියගිය ගණන 355 ක් දක්වා ඉහළ ගොස් ඇති අතර තවමත් 366 දෙනෙකු අතුරුදහන් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.

එමෙන්ම එම ආපදාවෙන් මේ වන විට දිවයින පුරා 1,156, 860 දෙනෙකු පීඩාවට ලක්ව සිටිනවා.

ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් මහනුවර දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම දිස්ත්‍රික්කය තුළ 150 දෙනෙකු තවමත් අතුරුදන් බවයි එම මධ්‍යස්ථානය නිකුත් කළ නවතම දත්ත සටහනේ දැක්වුණේ.

නුවරඑළිය දිස්ත්‍රික්කයෙන් මරණ 75ක්, බදුල්ල දිස්ත්‍රික්කයෙන් මරණ 71ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මරණ 37ක් ද වාර්තා වනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ එම කාලය තුළ ඇති වූ හදිසි ආපදා තත්ත්වයෙන් පවුල් තුන්ලක්ෂ දහඅට දහස් දෙසිය පනස් දෙකක පුද්ගලයින් පීඩාවට පත්ව ඇති බවයි.

ඉන් වැඩිම පිරිසක් පීඩාවට පත්ව සිටින්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර, එම සංඛ්‍යාව දෙලක්ෂ තිස් හයදහස් හාරසිය අනූ අටක්.

කොළඹ දිස්ත්‍රික්කයේ දෙලක්ෂ දහඅට දහස් එකසිය විසි තුන් දෙනෙකු පීඩාවට පත්ව සිටින අතර, පුත්තලම දිස්ත්‍රික්කයේ පුද්ගලයින් එක්ලක්ෂ තිස් පන්දහස් නවසිය විසි දෙදෙනෙකු පීඩාවට පත්ව සිටිනවා.

දිවයින පුරා ඇති වූ අයහපත් කාලගුණයෙන් ඇති වූ බලපෑමෙන් බස්නාහිර පළාතට ද දැඩි බලපෑමක් එල්ල වුණා.

ඉන් ඉහළම අනතුරු ඇඟවීමක් නිකුත් කෙරුණේ ජල මට්ටම ඉහළ ගිය කැලණි ගඟ දෙපස සහ පහත්බිම්වල සිටි ජනතාවටයි.

මේ හේතුවෙන් එම ජනතාව ආරක්ෂිත ස්ථාන කරා රැගෙන ගිය අතර, මේ වන විටත් අවදානම් මට්ටමේ ඇති කැලණි ගඟ පිටාර ගලමින් පවතිනවා.

 

 

Share This