අකුරැස්සට විදේශිකයන් ගේ පැමිණීම ඉහළ යයි

අකුරැස්සට විදේශිකයන් ගේ පැමිණීම ඉහළ යයි

සංචාරකයන්ගේ පැමිණීම ඉහළ යාමත් සමග මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස නන්දන තේ කම්හලේ ඔසු උයන හා වනාන්තරය නැරඹීමට විශාල විදෙස් සංචාරකයන් පිරිසක් මේ දිනවල පැමිණෙමින් සිටිනවා.

අන්තර්ජාල සෙවීම් ප්‍රමාණය ඉහළ යාමෙන් ඒ බව තහවුරු කර ගැනීම පහසුයි.

නන්දන තේ කම්හලේ කළමණාකාර අධ්‍යක්ෂ ගුණසෝම වනිගසේකර මහතා මීට වසර 20කට පෙර තනිවම ගත් ව්‍යායාමයේ ප්‍රතිඵළයක් ලෙස මේ අයුරින් සංචාරක ආකර්ශනය ඉහළ යාමට හේතුවක් වී තිබෙනවා.

ඒ කිසිදු සංචාරක මගපෙන්නන්ගේ සහයෝගයක් නොමැතිව සාම්ප්‍රදායික තේ නිෂ්පාදනය හැරවුම් ලක්ෂයක් ලෙස පැමිණි එක් සංචාරකයකුගෙන් ඇරඹී ඇති මෙය මේ වන විට ලෝකයේ සියලුම රටවල සංචාරකයන් ලක්ෂ සංඛාත පිරිසක් නැරඹූ ස්ථානයක් බවට පත් කිරීමට හැකිව ඇත්තේ ඔහු ගත් වෙහෙසේ ප්‍රතිඵලයක් ලෙසයි.

ඔහු පොහෝ දිනවල ගම්වාසීන් වෙනුවෙන් දන්සැලක් ද පවත්වා ගෙන යන අතරේ පැමිණෙන සියලුම දෙස් විදෙස් සංචාරකයන්ට සංග්‍රහශීලී සුහද සේවාවක් සපයන්නේ කිසිදු ලාභ අපේක්ෂාවෙන් තොරවයි.

පැමිණෙන සැමට නොමිලේ තේ ආහාර පාන වලින් සංග්‍රහ කිරීම ඉතාම සතුටින් කරන කටයුත්ත ශ්‍රී ලාංකිකයන්ගේ ආගන්තුක සත්කාරය සංචාරකයන්ගේ සිත් ආකාර්ශණය කර ගන්නා බව එහි පැමිණෙන විදෙස් සංචාරකයන් අප සමග පැවැසුවා.

ගුණසෝම වනිගසේකර මහතාගේ බිරිඳ රමණී වෙල්ලප්පිලි මහත්මියද ඊට නොදෙවෙනි සේවාවක් කරන පළාතේ සැමගේ සිත් දිනා ගත් කෙනෙක්.

ඇය ව්‍යාපාරයෙන් එහා ගොස් සමස්ත රටටම උදව් උපකාර කරමින් සමාජයට අපූරු ආදර්ශයක් දෙන කාන්තාවක් වන්නේ ඕනෑම අයකුට හැකි තරම් උදව් කිරීමට ඉදිරිපත් වන අයුරු දැකීමෙන්.

මෙම නිහතමානී මනුෂ්‍යත්වය වෙනුවෙන් අකුරැස්ස ප්‍රාදේශීය සභාවේ සභාපති සමන් කුමාර සුරවීර මහතා , ගුණසෝම වනිගසේකර මහතාගේ සේවාව ඇගයීමට ලක් කළේ රටට බොහෝ ආදර්ෂයන් සැපයන නිසයි.

මේ අතර වැලිගම මිරිස්ස මුහුදු තීරයත් මේ දිනවල සංචාරකයන්ගෙන් පිරී ගොස් ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.

 

 

Share This