
අද සිට 19 දක්වා දිස්ත්‍රික්ක 4 කට රතුනිවේදන – පිරිසක් ඉවත් කරන්නත් නිවේදනයක්
රතු නිවේදන නිකුත් කර ඇති පහත සඳහන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශවල හඳුනාගත් අවදානම් සහිත ස්ථානවල ජීවත් වන ජනතාව අද සිට මේ මස 19 දක්වා සුරක්ෂිත මධ්‍යස්ථාන වෙත යොමුකරන ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනය නිවේදනයක් නිකුත් කරමින් මහනුවර,මාතලේ,කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික් ලේකම්වරුන් දැනුවත් කරනවා.
එම නිවේදනයට අනුව මහනුවර දිස්ත්‍රික්කයේ හතරලියද්ද , යටිනුවර,උඩුදුම්බර,පාතහෙවාහැට,මැදදුම්බර, පස්බාගෙකෝරළේ,දෙල්තොට, පූජාපිටිය,ගඟෛහළකෝරළේ, උඩපළාත,හාරිපත්තුව, කුණ්ඩසාලේ,මිණිපේ,දොළුව, තුම්පනේ,අකුරණ,උඩුනුවර, හා පාතදුම්බර එම ප්‍රදේශයි.
කෑගල්ල දිස්ත්‍රික්කයේ කෑගල්ල,ගලිගමුව, මාවනැල්ල,බුලත්කොහුපිටිය,අරනායක,යටියන්තොට,රඹුක්කන,වරකපොල රතු නිවේදන නිකුත්කර තිබෙනවා.
කුරුණෑගල දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත්කර ඇත්තේ මාවතගම,මල්ලවපිටිය සහ රිදීගමයි.
මාතලේ දිස්ත්‍රික්කයේ රතු නිවේදන නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ නාඋල, විල්ගමුව,පල්ලෙපොල, අඹන්ගඟකෝරළේ,ලග්ගල – පල්ලෙගම,උකුවෙල,රත්තොට ,මාතලේ සහ යටවත්තයි.
ඉවත් කිරීමේ කටයුතු සිදුකිරීම සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ නිලධාරීන්, ප්‍රාදේශීය ලේකම්,දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නිලධාරීන්, ග්‍රාම නිලධාරීන්,ශ්‍රී ලංකා පොලීසිය සහ වෙනත් අදාල පාර්ශ්වකරුවන් සම්බන්ධීකරණය කරගන්නා ලෙස ජාතික ගොඩනැගිලි පර්යේෂණායතනයේ මෙහෙයුම් අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් දැනුම් දෙනවා.
– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
#Swarnavahini #SwarnavahiniNews #LiveatSrilanka #SwarnavahiniDigital #SrilankaToday #lka
