අධික උෂ්ණත්වය නිසා මළ දරු උපත් ඉහළට – පර්යේෂණයකින් හෙළිවෙයි

අධික උෂ්ණත්වය නිසා මළ දරු උපත් ඉහළට – පර්යේෂණයකින් හෙළිවෙයි

අධික උෂ්ණත්වයේ වැඩ කිරීම නිසා ගැබිනි කාන්තාවන්ට මළ දරු උපත් සහ ගබ්සා ඇතිවීමේ වීමේ අවදානම දෙගුණ වී ඇති බව ඉන්දියාවේ නව පර්යේෂණයකින් හෙළිවී තිබෙනවා.

එමෙන්ම පවතින උෂ්ණත්වය ආසියානු කලාපයේ කාන්තාවන්ට පමණක් නොව යුරෝපය වැනි කලාපවලටද බලපාන බවයි පර්යේෂකයන් පවසන්නේ.

ඒ අනුව ගෝලීය වශයෙන් වැඩ කරන ගැබිනි කාන්තාවන් සඳහා නිශ්චිත සෞඛ්‍ය උපදෙස් ලබාදීම අත්‍යවශ්‍ය වනවා.

චෙන්නායි හි ශ්‍රී රාමචන්ද්‍ර උසස් අධ්‍යාපන හා පර්යේෂණ ආයතනය (SRIHER) විසින් 2017 දී ආරම්භ කරන ලද මෙම අධ්‍යයනයට දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ ගැබිණි කාන්තාවන් අටසියයක් සහභාගී වී තිබෙනවා.

සහභාගී වූ අයගෙන් අඩක් පමණ කෘෂිකාර්මික, ගඩොල් පෝරණු සහ ලුණු තට්ටු වැනි අධික ලෙස හිරු එළියට නිරාවරණය වන රැකියාවල කටයුතු කළ අය බව සඳහන්.

අනෙක් අය පාසල් සහ රෝහල් වැනි සිසිල් පරිසරයක සේවය කළ නමුත් සමහර සේවකයින් එම රැකියාවලදීද ඉතා ඉහළ උෂ්ණත්වයකට නිරාවරණය වූ අය වනවා.

අධික උණුසුම තුළ වැඩ කරන ගැබිනි කාන්තාවන් සඳහා දැනට නිල ජාත්‍යන්තර උපදෙස් නිකුත් කර නැහැ.

කෙසේ වෙතත් මහාචාර්ය හර්ස්ට් විසින් හිරු එළියට නිරාවරණය වී වැඩ කරන ගර්භනී කාන්තාවන්ට තමන්ව ආරක්ෂා කර ගැනීමට පහත උපදෙස් පිළිපදින ලෙස දැනුම් දී තිබෙනවා.

එනම්, හිරු එළියට දිගු කාලයක් නිරාවරණය වීමෙන් වැළකී සිටීම, උණුසුම් දිනවල එළිමහනේ වැඩ කරන්නේ නම් නිරන්තරයෙන් විවේක ලබා ගැනීම,
උෂ්ණත්වය වැඩි කාලය තුළ ව්‍යායාම කිරීමෙන් වැළකීම, නිරන්තරයෙන් ජලය පානය කිරීම එම උපදෙස් අතර වන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This