අයිස්  කිලෝ 345 ක් සමග 7 ක් කිරින්දේදී අත්අඩංගුවට (VIDEO)

අයිස් කිලෝ 345 ක් සමග 7 ක් කිරින්දේදී අත්අඩංගුවට (VIDEO)

කිරින්ද මුහුදු තීරයේදී බස්නාහිර උතුර අපරාධ කොට්ඨාස භාරයට ගත් මත්ද්‍රව්‍ය තොගයේ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 345 කට ආසන්න ප්‍රමාණයක් ඇති බවට වාර්තා වනවා.

සැකකරුවන් හත් දෙනෙක් සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා කිරින්ද වෙරළ අසලට පැමිණ තිබූ රථ වාහන හයක්ද පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ප්‍රධාන සැකකරු දෙවිනුවර ප්‍රාදේශ සභාවේ සේවකයෙක් බවයි විමර්ශන නිලධාරීන් සඳහන් කළේ.

අදාළ මත්ද්‍රව්‍ය තොගය මුහුද මාර්ගයෙන් ගොඩබිමට ගෙනවිත් වාහනවලට පැටවීමට උත්සාහ දැරීමේදී අද අලුයම බස්නාහිර උතුර අපරාධ කොට්ඨාසය නිලධාරීන් විසින් සිය භාරයට ගනු ලැබුවා.

ප්‍රධාන සැකකරු වන දෙවිනුවර ප්‍රාදේශීය සභාවේ සේවකයා අදාළ මත්ද්‍රව්‍ය තොගය බාරගෙන එය ලොරි රථ වලට නිකුත් කිරීමටයි සැලසුම් කර තිබී ඇත්තේ.

මත්ද්‍රව්‍ය තොගය ගොඩබිමට රැගෙන ආ යාත්‍රාව සහ එහි සිටි පුද්ගලයන් සම්බන්ධයෙන් මෙතෙක් තොරතුරු අනාවරණ වී නැහැ.

ඒ අනුව ඔවුන් සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.


 

Share This