ආධාර රැගත් පළමු නෞකාව ගාසා වෙරළට

ආධාර රැගත් පළමු නෞකාව ගාසා වෙරළට

මානුෂීය ආධාර තොගයක් රැගත් පළමු නෞකාව ගාසා වෙරළට ගොඩබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

අත්‍යවශ්‍ය ආහාර ටොන් 200 ක් රැගෙනයි ස්පාඤ්ඤයේ Open Arms නෞකාව අඟහරුවාදා සයිප්‍රසයෙන් පිටත් වුණේ

ඒ තුළ සහල්, පිටි, ටින් කළ එළවළු සහ ටින් කළ ප්‍රෝටීන් වර්ග ඇතුළත් බව සඳහන්.

ගාසා තීරයට ක්‍රියාකාරී වරායක් නොමැති අතර වෙරළ තීරයේ ඉදි කළ තාවකාලික ජැටියක් ආධාරයෙනුයි අදාළ භාණ්ඩ ගොඩ බෑමට කටයුතු කර ඇත්තේ

එමෙන්ම සියලුම ආධාර ලොරි 12 කට පටවා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා

Share This