ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ඇමතිත් බෙහෙත් දෙයි

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවට ඇමතිත් බෙහෙත් දෙයි

ආපදාවෙන් පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබා දීමට එක්වූ අමාත්‍ය වෛද්‍ය ක්‍රිශාන්ත අබේසේන …//

උද්ගත වූ හදිසි ආපදා තත්වය හේතුවෙන් අවතැන්වීමට පත් ජනතාව ක්‍රමානුකූළව ස්ථිර නිවාස වෙත යැවීමටත් සුපුරුදු සාමාන්‍ය ජීවිතයට යොමු කිරීමටත් මේ දිනවල සිදු කෙරෙමින් පවතිනවා .

ඒ සඳහා රජය කෙටි කාලීන මෙන්ම දීර්ඝ කාලීන විසඳුම් රැසක් මේ දිනවල ගනිමින් සිටිනවා.

මෙහිදී රජයේ වී ඇත්තේ විපතට පත් ජනතාව ආපදා වලට කලින් ජීවත් වූ තත්ත්වයට වඩා උසස් ස්ථානයකට ගෙනයාම‍යි.

මෙහි දී ආපදාවට පත් ජනතාවගේ සෞඛ්‍යාරක්ෂාව පිළිබඳව ඉහළ ප්‍රමුඛතාවක් ලබාදීම සඳහා රජය ක්‍රියා කරන අතර එහිදී දරුවන්, මව්වරුන් (ගර්භනී මාතාවන් හා කිරිදෙන මව්වරුන් ඇතුළුව) හා ජ්‍යොෂ්ඨ පුරවැසියන්ගේ සෞඛ්‍යාරක්ෂාව විශේෂයෙන් සොයා බැලීමට කටයුතු යොදා තිබෙනවා.

ප්‍රජා විශේෂඥ වෛද්‍යවරයෙකු වන විද්‍යා හා තාක්ෂණ අමාත්‍ය මහචාර්ය ක්‍රිෂාන්ත අබේසේන මහතා වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සහය ඇතිව ජංගම සෞඛ්‍ය සායන පැවැත්වීමට කටයුතු කළා.

ඒ අනුව වත්තල ප්‍රදේශය ආශ්‍රිතව එවැනි වෛද්‍ය සායන කිහිපයක් සංවිධාන කර තිබූ අතර ඒ සෑම සායනයක්ම අමාත්‍යවරයා පෞද්ගලිකව නිරීක්ණය කිරීමට පිඅයවර ගත්තා.

ඒ අතරතුර තම විශේෂඥ දැනුම අනුව කුඩා දරුවන් සහ මව්වරුන් ඇතුළු පීඩාවට පත් ජනතාවගේ සෞඛ්‍ය ගැටළු සඳහා වෛද්‍ය උපදෙස් ලබා දීමට හා ඖෂධ නියම කිරීමට ද ඔහු කටයුතු කි‍රීම කැපී පෙනුනා.

Share This