ආපදාවෙන් විපතට ලක් වූවන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු.මි.250 ක්

ආපදාවෙන් විපතට ලක් වූවන්ට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමෙන් රු.මි.250 ක්

හදිසි ආපදා තත්ත්වයෙන් විපතට පත් ජනතාව නඟාසිටුවීම සඳහා වන රජයේ අරමුදලට බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනම විසින් රුපියල් මිලියන 250ක මුදලක් පිරිනමා තිබෙනවා.

එම මුදල් බාරදීම සිදුකළේ හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය විසින් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය වෙත අග්‍රාමාත්‍ය කාර්යාලයේදී‍යි.

බුද්ධශාසන ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිඳුම සුනිල් සෙනෙවි මහතා සහ බණ්ඩාරනායක අනුස්මරණ ජාතික පදනමේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික සාමාජිකාවන් ද මේ අවස්ථාවට එක්ව සිටියා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
#Swarnavahini #SwarnavahiniNews #LiveatSrilanka #SwarnavahiniDigital #SrilankaToday #lka

 

 

Share This