ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පූර්ව අන්තුරු ඇඟවීමේ නිවේදනයක්

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයෙන් පූර්ව අන්තුරු ඇඟවීමේ නිවේදනයක්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කර ඇති තද වැසි පිළිබඳ නිවේදනය පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ නිවේදනයක් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිකුත්කර තිබෙනවා.

එහි දැක්වෙන්නේ සිදුවිය හැකි ආපදා තත්ත්වයන් අවම කිරීමට/ පාලනය කර ගැනීමට හා කළමනාකරණය කරගැනීමට මෙම නිවේදනය අනුව කටයුතු කරන ලෙසයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන නිවේදන පිළිබඳව විමසිලිමත්ව කටයුතු කරන මෙන් පූර්ව අනතුරු ඇඟවීම් නිවේදනයේ සඳහන්.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ මෙම නිවේදන පිළිබඳ විස්තර ලබාගැනීම සඳහා 117 දුරකතන අංකයට අමතන ලෙසයි.

වැඩිදුර තාක්ෂනික උපදෙස් ලබාගැනීම සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අමතන ලෙසත් ඔවුන් දැනුම් දෙනවා.

 

Share This