
ආපදා මරණ 390 ක් දක්වා වැඩි වේ – අතුරුදන් වූවන් 352 ක්
ඊයේ දිනය වන විට මතුව ඇති ආපදා තත්ත්වයෙන් පීඩාවට පත් පවුල් සංඛ්‍යාව 382,651 ක් බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
ඉන් පීඩාවට පත්ව සිටින පුදගලයින් සංඛ්‍යාව 1,373,899 ක් බව එම මධ්‍යස්ථානය නිවේදනය කළා.
ආපදා හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 390 ක් වන අතර තවදුරටත් පුද්ගලයින් 352 ක් අතුරුදන්ව සිටිනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසන්නේ නිවාස 432 සම්පූර්ණයෙන් විනාශ වී ඇති බවයි.
අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 15,688 ක්.
සුරක්ෂිතතා මධ්‍යස්ථාන 1,368 ක මේවන විට පවුල් 57,790 කට අයත් පුද්ගලයින් 204,597 ක් අවතැන්ව සිටිනවා.
දැනට සිදුව ඇති මරණ අතුරින් වැඩිම සංඛ්‍යාවක් වාර්තා වන්නේ මහනුවර සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් වන අතර එම සංඛ්‍යාව 88 ක්.
මීට අමතරව බදුල්ලෙන් මරණ 82 ක් වාර්තා වන අතර නුවර එළියේ සිදුව ඇති මරණ සංඛ්‍යාව 75 ක්.
වැඩිම පූර්ණ නිවාස හානි සංඛ්‍යාවක් වාර්තා වන්නේ බදුල්ල දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 226 ක් ලෙස දැක් වෙනවා.
ගංවතුරින් වැඩිම පිරිසක් පීඩාවට පත්ව ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර ඒ අනුව පවුල් 68,857 කට අයත් පුද්ගලයින් 269,403 කට ආපදා තත්ත්වය බලපා ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසනවා.
එම මධ්‍යස්ථානයේ සංඛ්‍යා ලේඛනවල දැක් වෙන්නේ ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 56,854 කට අයත් පුද්ගලයින් 218,899 කට ආපදා තත්ත්වයෙන් පීඩාවට ලක්ව ඇති බවයි.
මහනුවර සහ රත්නපුර දිස්ත්‍රික්කවල පුද්ගලයින් 150 දෙනකු බැගින් තවමත් අතුරුදන් ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
