
ආපදා මරණ 627 ක් වෙයි – අතුරුදන් වූවන් 190 ක්
අයහපත් කාලගුණය හේතුවෙන් මියගිය පිරිස 627 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පැවසුවේ පුද්ගලයින් 190 දෙනකු තවමත් අතුරුදන්ව සිටින බවයි.
මේ අතර ආපදා තත්ත්වයෙන් බලපෑමට ලක් වූ පවුල් 611,530 අයත් පුද්ගලයින් 2,179,138 ක් සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ගණන් බලා තිබෙනවා.
එම මධ්‍යස්‍ථානයේ දත්තවලට අනුව සම්පූර්ණයෙන් විනාශවීඇති නිවාස සංඛ්‍යාව 4,517 ක් වන අතර අර්ධ වශයෙන් හානි වූ නිවාස 76,066 ක් ලෙස ගණන් බලා තිබෙනවා.
දිවයින පුරා පිහිටි සුරක්ෂිතතා මධ්‍යස්ථාන 956 ක මේ වන විට පවුල් 27,663 කට අයත් පුද්ගලයින් 89,857 ක් රැඳී සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කළා.
