ඉන්දියාවේ මහ මැතිවරණය අප්‍රේල් 19 වැනිදා ඇරඹෙයි

ඉන්දියාවේ මහ මැතිවරණය අප්‍රේල් 19 වැනිදා ඇරඹෙයි

ලොව විශාලතම මැතිවරණය වන ඉන්දීය මහ මැතිවරණය අප්‍රේල් සහ ජුනි අතර පැවැත්වීමට නියමිතව තිබෙනවා

ඒ අනුව එය අප්‍රේල් 19 සිට ජූනි 4 වැනිදා දක්වා සති හතකට ආසන්න කාලයක් පැවැත්වීමට නියමිතයි

ඉන්දීය මහ මැතිවරණය සඳහා බිලියනයකට ආසන්න ජනතාවක් ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබන බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා පැවසුවේ

මැතිවරණය සඳහා දේශපාලන පක්ෂ 2400කට වැඩි සංඛ්‍යාවක් අපේක්ෂකයන් ඉදිරිපත් කිරීමට නියමිතයි

Share This