ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

ඉම්රාන් ඛාන්ගේ වසර 14ක සිර දඬුවම අත්හිටුවයි

පාකිස්ථානයේ හිටපු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ට ලබා දී තිබූ වසර 14ක සිර දඬුවම අත්හිටුවීමට එරට ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර තිබෙනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඔහු විසින් ගොනුකර තිබූ අභියාචනයක් සලකාබැලීමට තීරණය කිරීමත් සමග අධිකරණය මෙම නියෝගය ලබාදී ඇත්තේ

ඩොලර් 500,000කට අධික වටිනාකමකින් යුත් රාජ්‍ය ත්‍යාග විකිණීමේ සිද්ධියකට අදාළවයි ඉස්ලාමාබාද් මහාධිකරණය මෙම තීරණය ලබා දී ඇත්තේ

කෙසේ වෙතත් මීට පෙර ඔහුට එරෙහිව පවරා ඇති නඩු කටයුතු හේතුවෙන් ඔහුට තවදුරටත් බන්ධනාගාරගතව සිටීමට සිදුවන බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වෙන්නේ

Share This