ඉරානයේ නොබෙල් සාම ත්‍යාගලාභී Narges Mohammadiට දී තිබූ සිරදඬුවම් කාලය දීර්ඝ කරයි

ඉරානයේ නොබෙල් සාම ත්‍යාගලාභී Narges Mohammadiට දී තිබූ සිරදඬුවම් කාලය දීර්ඝ කරයි

නොබෙල් සාම ත්‍යාගලාභී Narges Mohammadiට ඉරාන විප්ලවවාදී අධිකරණය තවත් මාස 15ක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

Narges Mohammadi දැනටමත් වසර 12 ක් සිරගතව සිට සිරදඬුවම් විඳිමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ .

සිරගතව සිටියදී ඉස්ලාමීය ජනරජයට එරෙහිව ප්‍රචාර පතුරුවා හැරීම සම්බන්ධයෙන් ඇයට චෝදනා එල්ල වී තිබෙනවා .

මෙය 2021 මාර්තු මාසයේ සිට ඇයගේ පස්වන වරද බව පවසමින් ඇයගේ පවුලේ අය තීන්දුව හෙළා දුටු බවද සඳහන්

Narges Mohammadi දශක ගණනාවක් තිස්සේ ඉරානයේ මානව හිමිකම් වෙනුවෙන් උද්ඝෝෂණය කර තිබෙනවා .

ඒ හේතුවෙන් ඇය දශක දෙකක කාලයක් සිරගෙදර සිට පිටතට පැමිණ ඇත්තේ ඇයගේ ක්‍රියාකාරීත්වය නිසා බවයි පැවසෙන්නේ .

ඇය 13 වතාවක් අත්අඩංගුවට ගෙන ඇති අතර වසර 31 ක සිරදඬුවම් නියම කර තිබෙනවා

නව දඬුවම මගින් Narges Mohammadiට ටෙහෙරානයෙන් පිටත වසර දෙකක කාලයක් පිටුවහල් කිරීමට නියෝග කර ඇති අතර විදෙස් මාධ්‍ය මෙයින් පෙන්වා දෙන්නේ ඇය දැනට රඳවා සිටින එවින් බන්ධනාගාරයෙන් ඉවත් කිරීමට සිදුවනු ඇති බවයි.

කාලය අවසන් වීමෙන් පසු Narges Mohammadiට වසර දෙකක විදේශ ගමන් තහනම් කරන බවත් දේශපාලන හා සමාජ කණ්ඩායම්වල සාමාජිකත්වය සහ එම කාලය තුළ ජංගම දුරකථනයක් ළඟ තබා ගැනීම තහනම් කරන බවත් තීන්දුවේ සඳහන්ව තිබෙනවා .

51 හැවිරිදි මානව හිමිකම් ක්‍රියාකාරිනිය නොයෙකුත් තර්ජන සහ අත්අඩංගුවට ගැනීම් නොතකා සිය වැඩ කටයුතු කරගෙන යන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ඇය 2023 වසරේ නොබෙල් සාම ත්‍යාගය දිනා ගත්තේ ඉරානයේ කාන්තා හිංසනයට එරෙහිව කළ සේවය වෙනුවෙනුයි .

Share This