ඉරාන ප්‍රහාරයකට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාර

ඉරාන ප්‍රහාරයකට පාකිස්ථානයෙන් ප්‍රතිප්‍රහාර

ඉරාන ප්‍රහාරයකින් දෙරට අතර සබඳතා අවුලුවා දින දෙකකට පසු පාකිස්ථානය ප්‍රතිප්‍රහාර ලෙස ඉරානයට මිසයිල ප්‍රහාර දියත් කර තිබෙනවා

තම ප්‍රහාර Sistan-o-Balochistan පළාතේ ත්‍රස්තවාදී සැඟවුණු ස්ථාන වෙත පහර දුන් බවයි පාකිස්ථානය පවසා තිබෙන්නේ

ඉරාන මාධ්‍ය වාර්තා කළේ ප්‍රහාරයෙන් කාන්තාවන් තිදෙනෙකු සහ ළමුන් සිව් දෙනෙකු මියගොස් ඇති බවයි.

තම හවුල් දේශසීමාවේ ප්‍රදේශවලින් ප්‍රහාර එල්ල කරන සටන්කාමී කණ්ඩායම්වලට රැකවරණය ලබා දෙන බවට රටවල් දෙකම දිගු කලක් තිස්සේ එකිනෙකාට චෝදනා කරමින් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

පාකිස්ථානයේ විදේශ අමාත්‍යාංශය එහි ප්‍රහාර සනාථ කළ අතර, එය ඉරාන මාධ්‍ය විසින් ප්‍රථමවරට වාර්තා කළේ බදාදා(17) සවස් කාලයේදීයි

Share This