ඉරාන ප්‍රහාරයකින් දරුවන් මිය ගිය බවට පාකිස්ථානයෙන් ප්‍රකාශයක්

ඉරාන ප්‍රහාරයකින් දරුවන් මිය ගිය බවට පාකිස්ථානයෙන් ප්‍රකාශයක්

ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාරවලින් ළමුන් දෙදෙනෙකු මිය ගොස් තවත් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්ථානය පවසනවා

Jaish al-Adl සටන්කාමී කණ්ඩායමට සම්බන්ධ කඳවුරු දෙකක් ඉලක්ක කර ගත් බවයි ඉරානය ප්‍රකාශ කර තිබෙන්නේ

එහෙත් පාකිස්ථානය මෙය ප්‍රතික්ෂේප කර ඇති අතර එය බරපතළ ප්‍රතිවිපාක ගෙන දිය හැකි නීති විරෝධී ක්‍රියාවක් ලෙස පෙන්වා දෙනවා

පසුගිය දින කිහිපය තුළ ඉරාකයට සහ සිරියාවට පසුව ඉරාන ප්‍රහාරයකට ගොදුරු වූ තෙවැනි රට පාකිස්ථානය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ප්‍රකාශයක් නිකුත් කරමින් පාකිස්ථාන විදේශ අමාත්‍යාංශය පවසන්නේ  ඉරානය විසින් තම ගුවන් කලාපය උල්ලංඝනය කිරීම දැඩි ලෙස හෙළා දකින බවයි

එමෙන්ම මෙම ක්‍රියාව සම්පූර්ණයෙන්ම පිළිගත නොහැකි ලෙස නම් කර ඇති අතර පාකිස්ථානය සහ ඉරානය අතර සන්නිවේදන මාර්ග කිහිපයක් තිබියදීත් මෙම නීති විරෝධී ක්‍රියාව සිදුවී තිබීම ඊටත් වඩා කණගාටුදායක බවද සඳහන් කරනවා

ඉරානය පසුගිය සඳුදා අගභාගයේදී ඉරාකයේ උතුරු නගරයක් වන ඉර්බිල් හි ඉලක්ක වෙත බැලස්ටික් මිසයිල ප්‍රහාර දියත් කර ඇති අතර එය එක්සත් ජනපදය විසින් හෙළා දකිනු ලැබුවා

Share This