ඊශ්‍රායල් ගාසා යුද්ධයට දින 100ක්

ඊශ්‍රායල් ගාසා යුද්ධයට දින 100ක්

2023 වසරේ ඔක්තෝම්බර් 7 වැනි දින හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයට සිදු කරන ලද ප්‍රහාරයත් සමඟ ආරම්භ වූ ගාසා යුද්ධයට අදට (14) දින 100ක් සම්පූර්ණ වනවා

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ ඔක්තෝබර් 7 වන දින සිදුවීම් දහස් ගණනක් ජනයා විසින් අනුස්මරණය කළ බවයි.

එමෙන්ම හමාස් සංවිධානය විසින් පැහැරගෙන ගොස් තවමත් ගාසා තීරයේ රඳවා සිටින ප්‍රාණ ඇපකරුවන් 130ක් පමණ සිටින බව ද එම වාර්තාවල සඳහන්.

ගාසා යුද්ධයෙන් පලස්තීනුවන් 23,000කට වැඩි පිරිසක් මියගොස් තිබෙනවා

මේ හේතුවෙන් ගාසා තීරයේ ජනගහනයෙන් සියයට 85ක් අවතැන් වී ඇති බවයි පලස්තීන බලධාරීන් පවසන්නේ

Share This