ඊශ්‍රායල ප්‍රහාරයකින් සහන සේවකයින් හත් දෙනෙකු මරුට

ඊශ්‍රායල ප්‍රහාරයකින් සහන සේවකයින් හත් දෙනෙකු මරුට

ගාසා තීරයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් ඕස්ට්‍රේලියානු, බ්‍රිතාන්‍ය සහ පෝලන්ත ජාතිකයන් ඇතුළු ආධාර සපයන සේවකයන් හත් දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර පලස්තීන රියදුරෙකු සහ පරිවර්තකයෙකු ද සිටින බව හමාස් සංවිධානය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඔවුන් වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් හි (World Central Kitchen) සේවය කරමින් සිටි අය වනවා.

ඊශ්‍රායල හමුදාව පවසන්නේ සිද්ධිය සම්බන්ධයෙන් තමන් පූර්ණ සමාලෝචනයක් පවත්වන බවයි.

මෙම ප්‍රහාරවලින් පසුව වර්ල්ඩ් සෙන්ට්‍රල් කිචන් සිය මෙහෙයුම් නවත්වන බව නිවේදනය කර ඇති අතර එහි ඉදිරි වැඩ කටයුතු පිළිබඳ තීරණයක් ගන්නා බවද දැනුම් දී තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් එක්සත් ජනපද ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රකාශක පවසන්නේ මෙම ප්‍රහාරය ධවල මන්දිරය හෙළා දකින බවයි.

එමෙන්ම මානුෂීය ආධාර සපයන සේවකයින් අත්‍යවශ්‍ය ආධාර ලබා දෙන බැවින් ඔවුන් ආරක්ෂා කළ යුතු අතර සිදුවූයේ කුමක්ද යන්න කඩිනමින් විමර්ශනය කරන ලෙස ඊශ්‍රායලයෙන් ඉල්ලා සිටින බවයි ධවල මන්දිරය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This