උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බවට දකුණු කොරියානු හමුදාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියාව කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බවට දකුණු කොරියානු හමුදාවෙන් ප්‍රකාශයක්

උතුරු කොරියාව සිය නැගෙනහිර වෙරළට ඔබ්බෙන් වූ මුහුදට කෲස් මිසයිල කිහිපයක් එල්ල කර ඇති බව දකුණු කොරියානු හමුදාව පවසනවා

මෑත මාසවලදී න්‍යෂ්ටික සන්නද්ධ කොමියුනිස්ට් රාජ්‍යය කලාපීය ආතතිය ඉහළ නංවමින් නැවත නැවතත් මිසයිල අත්හදා බලා ඇති බවයි වැඩිදුරටත් සඳහන් කර තිබෙන්නේ

නවතම මිසයිල දියත් කිරීම සින්පෝ වරාය අසලදී සිදුව ඇති බවත් දියත් කළ මිසයිල සංඛ්‍යාව හෝ වර්ගය පිළිබඳව තවමත් පැහැදිලි නැති බවත් විදෙස් මාධ්‍ය පවසනවා .

උතුරු කොරියාව විසින් Pulhwasal-3-31 නම් නව උපායමාර්ගික කෲස් මිසයිලයක් අත්හදා බැලූ බව දකුණු කොරියාවේ Yonhap පුවත් ඒජන්සිය වාර්තා කර ඇති බවද සඳහන්

Share This