උපතේදීම වෙන්වූ නිවුන්නු වසර 19කට පසු හමුවෙයි

උපතේදීම වෙන්වූ නිවුන්නු වසර 19කට පසු හමුවෙයි

2005 වසරේදී ජෝර්ජියාවේදී උපත ලබා එදිනම වෙන්වූ නිවුන් සහෝදරියන් දෙදෙනෙක් නැවතත් මුණගැසී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ දෙදෙනා හමුවී ඇත්තේ රූපවාහිනී වැඩසටහනක් හා ටික්ටෝක් වීඩියෝ මගින් බවයි.

ඒ අනුව වසර 19කට පසු ඔවුන් දෙදෙනාට මුණ ගැසීමට හැකියාව ලැබී ඇති අතර ඔවුන්ගේ මව සමග එක් වීමටද අවස්ථාව ලැබී තිබෙනවා.

Amy සහ Ano නිවුන් දරුවන් වන නමුත් ඔවුන් ඉපදුණු වහාම ඔවුන්ව ඔවුන්ගේ මවගෙන් ලබාගෙන වෙනම පවුල්වලට විකුණා ඇති බව සඳහන්.

ජෝර්ජියාවේ 1960 සිට 2006 දක්වා කාලය තුළ රෝහල්වලින් දරුවන් පැහැරගෙන ගොස් විකිණීමේ ජාවාරම නිසා මේ නිවුන් දරුවන්ට උපතේදීම වෙන්වීමට සිදුවුණා.

එමෙන්ම 1960 සිට 2006 දක්වා කාලය තුළ දරුවන් ලක්ෂයකට අධික සංඛ්‍යාවක් වෙනත් පවුල්වලට හෝ රටවල්වලට විකුණා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This