
එක්කෝටි තිස් පන් ලක්ෂයක බීඩි කොළ මල්ලෑහැවෙන් අල්ලයි
බස්නාහිර පළාතටම බෙදන්නට ගෙනා නීති විරෝධී බීඩි කොළ තොගයක් පල්ලෙවෙල පොලිසිය වටලයි.
බස්නාහිර පළාත් බුද්ධි නිලධාරීන්ට ලද තොරතුරක් මත පල්ලෙවෙල පොලිස් බල ප්රදේශයේ මල්ලෑහැව ප්රදේශයේ ගබඩාවක් තුළ ඉතා රහසිගතව ගබඩා කර තිබූ නීති විරෝධී බිඩි කොළ තොගයක් පල්ලෙවෙල පොලිසිය සොයා ගැනීමට තිබෙනවා.
පොලීසිය පැවසුවේ අද දහවල් (20) සිදුකළ මෙම වැටලීමේදී තීරු බදු නොගෙවා නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොළ කිලෝ ග්රෑම් 1518 ක් සමග එක් සැකකරුවකු අත්අඩංගුවට ගත් බවයි.
මෙම බීඩි කොළ තොගයේ වටිනාකම රුපියල් එක්කෝටි තිස් පන් ලක්ෂයක් බව පොලිසියලිසිය පැවසුවා.
මෙම ගබඩාවේ සිට බස්නාහිර පළාත තුළ මෙන්ම ඉන් පිටතට පවා බීඩි කොළ ඉතා සූක්ෂම අයුරින් ප්රවාහනය කර ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.
පල්ලෙවෙල පොලිසියේ සිද්ධිය සම්බන්ධ වැඩිදුර විමර්ශන පවත්වති
