එක්සත් ජනපදයට අයත් නෞකාවකට Houthi කැරලිකරුවන් පහර දෙයි

එක්සත් ජනපදයට අයත් නෞකාවකට Houthi කැරලිකරුවන් පහර දෙයි

Houthi කැරලිකරුවන් යේමනයේ වෙරළට ඔබ්බෙන් තිබූ එක්සත් ජනපදයට අයත් භාණ්ඩ ප්‍රවාහන නෞකාවකට බැලස්ටික් මිසයිල ප්‍රහාරයක් එල්ල කළ බව එක්සත් ජනපදය පවසනවා

කෙසේවෙතත් මාෂල් අයිලන්ඩ්ස් ධජය සහිත යාත්‍රාව ඒඩන් බොක්කෙහි සිය ගමන දිගටම කරගෙන යන බවයි පැවසෙන්නේ

හමාස් සංවිධානයට එරෙහි ඊශ්‍රායලයේ යුද්ධයට විරෝධය පළ කරමින් ඉරානයේ පිටුබලය ලබන Houthi කැරලිකරුවන් පසුගිය නොවැම්බර් මාසයේ සිට නැව්වලට ප්‍රහාර එල්ල කරනු ලබනවා

නැව් සමාගමක් වන Eagle Bulk Shipping පවසන්නේ එම නෞකාවේ වානේ නිෂ්පාදන රැගෙන යමින් සිටි අතර එයට ප්‍රහාර එල්ල වන විට ඒඩන් බොක්කෙහි වෙරළට කිලෝමීටර 160 ක්පමණ දුරින් තිබූ බවයි.

නෞකාවට සීමිත හානියක් සිදු වූ නමුත් ස්ථාවරව පවතින හෙයින් එම ප්‍රදේශයෙන් පිටතට ගමන් කරමින් පවතින බවද සඳහන්

රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහනය කරන නැව්වලට Houthi කැරලිකරුවන් ප්‍රහාර එල්ල කිරීම නිසා ලොව විශාලතම නැව් සමාගම් බොහොමයක් ගමන් මග වෙනස් කර ඇති අතර එමගින් ගෝලීය වාණිජ්‍යයට විශාල බාධාවක් ඇතිව ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා

පසුගිය සතියේ එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ හමුදා යේමනයේ Houthi ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේ නැව් ගමනාගමනයට එල්ල කළ ප්‍රහාරවලට පළිගැනීමක් වශයෙනුයි .

Share This