ඕස්ට්‍රේලියාවේ පතලක් කඩා වැටෙයි

ඕස්ට්‍රේලියාවේ පතලක් කඩා වැටෙයි

ඕස්ට්‍රේලියාවේ බැලරට් (Ballarat) පතල කඩා වැටී තිබෙනවා.

එම අනතුරෙන් පුද්ගලයෙකු මිය ගොස් ඇති අතර තවත් අයෙකු බරපතල ලෙස තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුවාල ලැබූ පුද්ගලයාව පැය හතරකට පසු ඉන් මුදවා ගෙන ඇති අතර තවත් පතල් කම්කරුවන් 29 දෙනෙකු ආරක්ෂිත ස්ථානයක සිට ඇති බව සඳහන්.

එරට වෘත්තීය සමිතියක් විසින් මෙම සිද්ධිය දැඩි ලෙස විවේචනය කර ඇති බවයි වාර්තා වන්නේ.

Share This