කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛක නිතරගයෙන් පත්වේ

කතරගම දේවාලයේ නව බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛක නිතරගයෙන් පත්වේ

ඓතිහාසික රුහුණු මහා කතරගම දේවාලයේ 13 වැනි බස්නායක නිළමේ ලෙස තිළිණ මධුසංඛ මහතා අද (09) පැවති නිළවරණයෙන් නිතරගයෙන් තේරී පත් වුණා.

මෙම නිළවරණය පැවැත්වුණේ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් ආර්.එම්.ජි.සේනාරත්න මහතා ගේ මුළිකත්වයෙන් මොණරාගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී‍යි.

නිළවරණය සදහා කතරගම කිරිවෙහෙර ,කතරගම ශ්‍රී අභිනවාරාම විහරස්ථානය, වැඩසිටි කන්ද රාජමහා විහාරය,සෙල්ල කතරගම මහාසෙන් රාජ මහා විහාරය, කොටබෝව කුඩා කතරගම දේවාලයේ බස්නායක නිළමේවරයා සහ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුන් මෙම නිළවරණය සදහා ඡන්ද ප්‍රකාශ කිරීමට පැමිණ සිටියා.

තිළිණ මධුසංඛ මහතා කතරගම දේවාලයේ වැඩ බැලු බස්නායක නිළමේ ලෙස තාවකාලික පත් කර සිටි අතර මීට අමතරව දෙවිනුවර මහා විෂ්ණු දේවාලයේ ද බස්නායක නිළය මදුසංක මහතා විසින් දරනු ලබනවා.

අප වාර්තාකරු පැවසුවේ බස්නායක නිලය සදහා අපේෂකයින් ලෙස 05 දෙනකු ඉදිපත්ව සිටි බවයි.

එම පිරිස ගේ නමක්කි යෝජනා කිරීමට කිසිවකු ඉදිරිපත්ව නැහැ.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
#Swarnavahini #SwarnavahiniNews #LiveatSrilanka #SwarnavahiniDigital #SrilankaToday #lka

 

Share This