කලවානේ දෙදෙනකුට වෙඩි තැබූ පුද්ගලයා තුවක්කුව සමග අත්අඩංගුවට

කලවානේ දෙදෙනකුට වෙඩි තැබූ පුද්ගලයා තුවක්කුව සමග අත්අඩංගුවට

කලවාන , දෙල්ගොඩ ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකුට පසුගිය (31) වැනිදා වෙඩි තැබූ සැකකරු කලවාන පොලීසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ කලවාන කොස්වත්ත ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක්.

පොලිස් හදිසි ඇමතුම් අංශය වෙත ලැබුණු තොරතුරක් මත සැකකරු මෙසේ අත්අඩංගුවට ගත් බව පොලීසිය පැවසුවා.

ඔහු අත්අඩංගුවට පත්ව ඇත්තේ කලවාන, එළවැල්ල ප්‍රදේශයේ නිවසක කුස්සියක සැඟව සිටියදීයි.

සැකකරු සතුව තිබූ වෙඩි තැබීම සඳහා යොදා ගත් බෝර 12 ගිනි අවිය සමග පතුරම් හයක් සහ උල් පිහියක් ද පොලීසිය සිය භාරයට ගෙන තිබෙනවා.

Share This