කෙන්යාවේ අගවිනිසුරු Martha Koome ගෙන් එරට ජනපතිට ලිපියක්

කෙන්යාවේ අගවිනිසුරු Martha Koome ගෙන් එරට ජනපතිට ලිපියක්

අධිකරණය විසින් ඇතැම් විනිසුරුවරුන්ට එරෙහිව මතු කරන ලද ගැටළු විසඳීම සඳහා ජනාධිපති William Ruto වෙත ලිපියක් යොමු කර ඇති බව කෙන්යාවේ අගවිනිසුරු Martha Koome පවසා තිබෙනවා

ජනාධිපති William Ruto මෑත දිනවල අධිකරණයට එරෙහිව යම් යම් ප්‍රකාශ සිදු කර ඇති බැවින් ආණ්ඩුවේ ව්‍යාපෘති අවහිර කිරීමට විපක්ෂය සමග වැඩ කරන බවට නම් නොකළ විනිසුරුවන් චෝදනා කර ඇති බවයි පැවසෙන්නේ

මාධ්‍ය සාකච්ඡාවක් අමතමින් Martha Koome කියා සිටියේ අධිකරණයට එරෙහි ප්‍රකාශ රට අවුල් සහගත සහ අරාජිකත්වය සඳහා සකසන බවයි.

ඒ අනුව යවා ඇති ලිපියට අනුව ජනාධිපතිවරයා අපට හමුවීමක් ලබා දෙනු ඇති බවට විශ්වාස කරන බවයි කෙන්යාවේ අගවිනිසුරු Martha Koome පවසන්නේ

ජනාධිපතිවරයාගේ ප්‍රකාශ හෙළා දකිමින් නීතිඥයින් පිරිසක් පසුගිය සතියේ විරෝධතා ව්‍යාපාර පවත්වද්දී William Ruto විනිසුරුවන් බිය ගැන්වීමට උත්සාහ කළ බවටයි විපක්ෂ නායක Raila Odinga චෝදනා කර ඇත්තේ

2022 සැප්තැම්බර් මාසයේදී බලයට පත් වූ ජනාධිපතිවරයා ජීවන වියදම ඉහළ යාම මධ්‍යයේ නව බදු හඳුන්වාදීම සම්බන්ධයෙන් විවේචනයට ලක්වුණා

නව බදු දෙකක් , නිවාස බද්ද සහ යෝජිත විශ්ව සෞඛ්‍ය ආවරණ අඩුකිරීම් පිළිබඳව උසාවියේදී අභියෝගයට ලක්ව ඇති අතර, ඒවායේ අදාළ තීන්දු විභාග වෙමින් පවතින බවද විදෙස් මාධ්‍ය පවසනවා

Share This