කොලොම්බියාවේ නායයාමකින් 33ක් මරුට

කොලොම්බියාවේ නායයාමකින් 33ක් මරුට

වයඹදිග කොලොම්බියාවේ නායයාමකින් පුද්ගලයන් 33 දෙනෙකු මියගොස් තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ තවත් 19 දෙනෙකු පමණ තුවාල ලබා ඇති බවයි.

නාය යාමෙන් මිය ගිය සහ තුවාල ලැබූ අය එරට කාර්මන් ඩි ඇට්‍රාටෝ ප්‍රජාව අසල නිවසක නවාතැන් ගැනීමට මෝටර් රථ නතර කළ පිරිසක් බවයි එරට ප්‍රාදේශීය නිලධාරින් පවසා ඇත්තේ

කෙසේ වෙතත් මෙඩලින් සහ ක්විබ්ඩෝ නගර සම්බන්ධ කරන මාර්ගය නායයෑම් කිහිපයකින් වසා දමා ඇති බව ද විදෙස් මාධ්‍ය වාර්තාවල සඳහන්.

මීට අමතරව තවත් පස් කන්දක් මාර්ගයට කඩා වැටී ඇති අතර වාහන කිහිපයක් පස්වලට යට වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පැවසුවේ.

පැසිෆික් සාගරයට මායිම්ව පිහිටි චොකෝ පළාතේ ප්‍රදේශය දැඩි වර්ෂාපතනයක් පවතින බවයි වාර්තා වන්නේ.

Share This