කොවිඩ්වලට බයෙන් එන්නත් 217ක් ලබාගත් ජර්මානු ජාතිකයෙක් – වයස 62යි

කොවිඩ්වලට බයෙන් එන්නත් 217ක් ලබාගත් ජර්මානු ජාතිකයෙක් – වයස 62යි

ජර්මනියේ 62 හැවිරිදි පුද්ගලයෙක් වෛද්‍ය උපදෙස්වලට පටහැනිව කොවිඩ්වලට එරෙහි එන්නත් 217ක් ලබගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙම අමුතු සිද්ධිය ලැන්සෙට් බෝවන රෝග සඟරාවේ ලේඛනගත කර ඇති බව දැකිය හැකියි.

මාස 29ක් තුළ මේ පුද්ගලයා ඔහුගේ පෞද්ගලික ධනයෙන් එන්නත් ලබාගෙන ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මෙම පුද්ගලයා මෙතෙක් කිසිදු අයහපත් ප්‍රතිඵල අත්විඳ නොමැති බවයි Erlangen-Nuremberg විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෝ පවසන්නේ.

විශ්ව විද්‍යාලයේ ක්ෂුද්‍ර ජීව විද්‍යා අංශයේ වෛද්‍ය කිලියන් ෂෝබර් පැවසුවේ මේ පුද්ගලයා ගැන ඔවුන් දැනගත්තේ පුවත්පත් ලිපි මගින් බවයි.

පසුව ඔහුට Erlangen විශ්වවිද්‍යාලයේ විවිධ පරීක්ෂණවලට භාජනය වන ලෙස ආරාධනා කර ඇති අතර ඔහු උනන්දුවෙන් ඒවාට සහභාගී වී තිබෙනවා.

පර්යේෂකයන් විසින් මෑත වසරවලදී ගබඩා කර තිබූ ඔහුගේ ශීත කළ රුධිර සාම්පල කිහිපයක් ද පරීක්ෂා කිරීමට කටයුතු කළා.

ප්‍රතිශක්තිකරණ පද්ධතිය එන්නත් කිරීමට ප්‍රතික්‍රියා කරන්නේ කෙසේද යන්න නිවැරදිව තීරණය කිරීමට මෙම සාම්පල භාවිතයෙන් හැකිවූ බවයි පර්යේෂක කණ්ඩායම පවසන්නේ.

Share This