ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබා දීම සඳහා ගිවිසුමකට එළඹෙයි

ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබා දීම සඳහා ගිවිසුමකට එළඹෙයි

ඊශ්‍රායලය සහ හමාස් සංවිධානය යුද්ධයෙන් විනාශ වූ ගාසා තීරයට තවත් මානුෂීය ආධාර ලබා දීම සඳහා ගිවිසුමකට එළඹ ඇති බව කටාර් මැදිහත්කරුවන් පවසනවා .

කටාර් සහ ප්‍රංශය මැදිහත් වී ඇති ගනුදෙනුවක් යටතේ හමාස් සංවිධානයේ ප්‍රාණ ඇපකරුවන්ට බෙහෙත් ලබා දෙන බවයි ඔවුහු සඳහන් කරන්නේ

ඊට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය ගාසා තීරයට තවත් මූලික සැපයුම්වලට ඉඩ දෙනු ඇති .

ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයෙන් මාස තුනකට වැඩි කාලයක් ගතවීමෙන් පසුත් ප්‍රදේශයේ තත්ත්වය දරුණුවී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ

මේ අතර තවදුරටත් සාකච්ඡා පැවැත්වීමෙන් තවත් ප්‍රාණ ඇපකරුවන් නිදහස් කර ගැනීමට හැකිවනු ඇතැයි බලාපොරොත්තු වන බව අමෙරිකාව පවසනවා.

එවැනි ගනුදෙනුවක් සඳහා ඇති හැකියාව පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා එක්සත් ජනපද මැදපෙරදිග නියෝජිතයා කටාර් වෙත ගොස් ඇති බව ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක John Kirby ප්‍රකාශ කරනවා

Share This