ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් වෙත ඖෂධ ලබාදීමට නියමිතයි – ඊශ්‍රායල අගමැති

ගාසා තීරයේ ප්‍රාණ ඇපකරුවන් වෙත ඖෂධ ලබාදීමට නියමිතයි – ඊශ්‍රායල අගමැති

ගාසා තීරයේ හමාස් සංවිධානය විසින් රඳවාගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන්ට ඖෂධ ලබාදීමේ නව ගිවිසුමකට ඉඩ සැලසෙන බව ඊශ්‍රායල අගමැති Benjamin Netanyahu පවසනවා.

ඖෂධ බෙදා හැරීම් තවමත් ආරම්භ වී නොමැති අතර, ඖෂධ ප්‍රවාහනය කරන්නේ කෙසේද යන්න තවමත් දැනුවත් කර නැහැ.

මේ වනවිට ගාසා තීරයේ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් 105ක් පමණ සිටින බව ඊශ්‍රායලය විශ්වාස කරනවා.

හමාස් සහ ඊශ්‍රායලය යන දෙපාර්ශ්වයම ඖෂධ ප්‍රාණ ඇපකරුවන් වෙත ලබා දීමට කැමැත්ත පළ කර ඇති බවයි වාර්තා වන්නේ.

අවශ්‍ය ඖෂධ හා ප්‍රමාණයන් මෙන්ම ඒවා ලබා දිය හැක්කේ කෙසේද යන්න ගැන දෙපාර්ශ්වයේම මැදිහත්කරුවන් ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධාන සමග කටයුතු කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ.

Share This