ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු අයිස්ලන්තයේ Grindavik ධීවර නගරයේ නිවාස ගිනි ගනියි

ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු අයිස්ලන්තයේ Grindavik ධීවර නගරයේ නිවාස ගිනි ගනියි

අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරා යාමෙන් පසු ලාවා කාන්දුවීමෙන් පසු Grindavik ධීවර නගරයේ නිවාස ගිනි ගෙන ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඊයේ (14) අලුයම මෙම ලාවා නගරයට ළඟා වී ඇති බවයි වාර්තා වන්නේ

පසුගිය දෙසැම්බර් මාසයේදී Reykjanes අර්ධද්වීපයේ ගිනි කන්දක් පුපුරායාමෙන් පසු Grindavik ධීවර නගරයෙන් පුද්ගලයින් 4,000ක් පමණ ඉවත් කළ බවද විදෙස් මාධ්‍ය මීට පෙර වාර්තා කර තිබුණා

ලාවා ගලායාමෙන් නගරයට ඇතුළු වන ප්‍රධාන මාර්ගය ඇණහිට ඇති බවද සඳහන්

එරට ජාතිය අමතමින් අයිස්ලන්ත ජනාධිපති Gudni Johannesson ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම නිවෙස්වල සිටිය නොහැකි අයට එකට සිටිමින් උදව් කරන ලෙසයි

තත්ත්වය සමනය වනු ඇතැයි තමන් බලාපොරොත්තු වන නමුත් ඕනෑම දෙයක් සිදුවිය හැකි බවද එරට ජනාධිපතිවරයා පවසනවා

Svartsengi ගිනිකඳු පද්ධතියේ දෙසැම්බර් මාසයේ පිපිරීමට පෙරද ප්‍රබල භූකම්පන ඇතිවූ බවද වාර්තා වුණා .

එතැන් සිට සති කිහිපයක් තුළ මිනිසුන් ඉවත් කරමින් ගිනි කන්ද වටා තාප්ප ඉදිකර තිබුණත් අයිස්ලන්ත කාලගුණ විද්‍යා කාර්යාලය (IMO) පැවසුවේ සමහර ස්ථානවල බාධක බිඳී ඇති හෙයින් ලාවා නගරයට ළඟා වීමෙන් නිවාස සහ ගොඩනැගිලි ගිනිබත් වූ බවයි .

පෙර පිපිරීමෙන් පසු නිරිතදිග අයිස්ලන්තයේ Grindavik වෙත ආපසු පැමිණි මිනිසුන්ට නැවත වරක් තම නිවෙස් හැර යාමට සිදුවූ බවද සඳහන් .

Share This