ගුරුවරුන්ට එල්ලවන මරණ තර්ජන හමුවේ ප්‍රංශයේ පාසල්වලට ජංගම ආරක්ෂාවක්

ගුරුවරුන්ට එල්ලවන මරණ තර්ජන හමුවේ ප්‍රංශයේ පාසල්වලට ජංගම ආරක්ෂාවක්

මරණ තර්ජන හේතුවෙන් පැරිස් පාසලක ප්‍රධාන ගුරුවරිය ඉල්ලා අස්වී දින කිහිපයකට පසු ප්‍රංශය මේ තත්ත්වය මඟ හරවා ගැනීමට පාසල් සඳහා ජංගම ආරක්ෂක බලකායක් පිහිටුවා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

පාසැලේදී ඉස්ලාමීය හිස්වැසුම් පැළඳ සිටි සිසුවෙකු සමග ඇති පෞද්ගලික ආරවුලක් නිසා පහර දුන් බවටයි පැරිස් පාසලක ප්‍රධාන ගුරුවරියට චෝදනා එල්ල වුණේ.

අධ්‍යාපන අමාත්‍ය Nicole Belloubet පැවසුවේ මෙම ජංගම බලකාය මගින් ගුරුවරුන්ට සහතික කිරීම සහ ආරක්ෂාව ඉහළ නැංවීම සඳහා අදහස් කරන බවයි.

පසුගිය කාලයේදී තුළ ගුරුවරුන් දෙදෙනෙකු මරා දැමීමෙන් පසු ප්‍රංශ පාසල්වල ආරක්ෂාව ගැන ආතතියෙන් බොහෝ දෙනා පසුවන බව සඳහන්.

සැමුවෙල් පැටි නම් ගුරුවරයාගේ 2020 දී පැරිස් තදාසන්න ප්‍රදේශයක වීදියේදී හිස ගසා දමා ඇති අතර ඩොමිනික් බර්නාඩ් මාස පහකට පෙර අරාස් හි ඔහුගේ පාසලේදී මරා දමා තිබෙනවා.

මෙම ඝාතන දෙකටම සම්බන්ධ වූයේ රැඩිකල්කරණයට ලක්වූ සිසුන්.

අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ මෙම “ජංගම පාසල් බලකාය” අධ්‍යාපන නිලධාරීන් 20 දෙනෙකුගෙන් පමණ සමන්විත වන අතර ඔවුන් ඉදිරි පාසල් වර්ෂය ආරම්භයේ සිට පැය 48 ක් ඇතුළත පළාත් පාලන ආයතනවලට අමතර සහය අවශ්‍ය ඕනෑම තැනක යෙදවිය හැකි බවයි.

ඒ අනුව මෙම ජංගම පාසල් බලකාය මගින් පාසල් ගුරුවරුන්ගේ ආරක්ෂාව තර කිරීමට හැකිවන බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ.

Share This