චීනයේ අවන්හලක පිපිරීමක්

චීනයේ අවන්හලක පිපිරීමක්

චීනයේ හෙබෙයි පළාතේ බැදපු කුකුල් මස් අවන්හලක පිපිරීමක් සිදු ව තිබෙනවා.

ඉන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් ඇති අතර 20කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

එම අවන්හල බීජිං අගනුවර සිට පැයක පමණ දුරකින් සිදු වී ඇති අතර ගෑස් කාන්දුවක් පිපිරීමට හේතු වී ඇති බවයි සඳහන්.

පිපිරීමේ සුන්බුන් වීදියේ විසිරී ඇති අතර අසල ඇති ගොඩනැගිලි සහ වාහනවලට ද හානි සිදු වී ඇති බවයි වාර්තා වන්නේ.

Share This