
ජනපති මාතලේ ,කූඹියන්ගොඩ අවතැන් වූවන් ගේ තොරතුරු විමසීමට යයි
ආපදාවෙන් විපතට පත් ජනතාව රැදී සිටින මාතලේ, කූඹියන්ගොඩ ශ්‍රී විද්‍යාශේඛර විහාරස්ථානය වෙත ඊයේ (06) පස්වරුවේ ගිය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම ජනතාව සමග කථා බහක නිරත වෙමින් ඔවුන්ගේ තොරතුරු විමසා බැලුවා.
මෙහිදී එම ජනතාව තමන්ගේ ගැටලු ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළ අතර පදිංචිය සඳහා වෙනත් ස්ථානවල ඉඩම් ලබා දෙන ලෙසද ඉල්ලා සිටියා.
අවතැන් වු ජනතාව යළි පදිංචි කිරීම් සහ වන්දි ලබාදීමට අදාළව රජය ගෙන තිබෙන තීරණ පිළිබඳවද ජනාධිපතිවරයා මෙහිදී ඔවුන් දැනුවත් කිරීමට කටයුතු කළා.



