ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදයි

ජාත්‍යන්තර කාන්තා දිනය අදට(08) යෙදී තිබෙනවා

වාර්ෂිකව කාන්තා දිනය මාර්තු 8 වනදා සමරනු ලබන අතර, එය කාන්තාවන්ගේ සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලන ජයග්‍රහණ පිළිගන්නා ගෝලීය දිනයක් ලෙසයි හඳුන්වන්නේ.

ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වේගවත් කිරීම සඳහා ක්‍රියා කිරීමට මෙම දිනය නම් කර තිබෙනවා.

එය කාන්තාවන් ලබා ඇති ජයග්‍රහණ සහ ප්‍රගතිය සමරනවා පමණක් නොව, සමානාත්මතාවය සඳහා අඛණ්ඩ අරගල සහ ලොව පුරා අඛණ්ඩව පෙනී සිටීමේ සහ ක්‍රියා කිරීමේ අවශ්‍යතාවය ද ඉස්මතු කරනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් 2024 වසරේ තේමාව ‘කාන්තාවන් සඳහා ආයෝජනය කරන්න, ප්‍රගතිය වේගවත් කරන්න’ (Invest in Women: Accelerate Progress) ලෙස නම් කර ඇති බවයි සඳහන් සඳහන් වන්නේ.

එමෙන්ම කාන්තාවන්ගේ ආර්ථික සවිබල ගැන්වීම කෙරෙහි අවධානය යොමු කර ඇති අතර, මෙම වසරේ ප්‍රචාරක තේමාව වන්නේ Inspire Inclusion යන්නයි.

එය සමාජයේ සෑම අංශයකම විවිධත්වයේ සහ සවිබල ගැන්වීමේ වැදගත්කම ඉස්මතු කරනු ලබනවා.

ජාත්‍යන්තර කාන්තා දිනයේ වැදගත්කම පවතින්නේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය, ප්‍රජනන අයිතීන් සහ කාන්තාවන්ට එරෙහි ප්‍රචණ්ඩත්වය සහ අපයෝජනය වැනි කරුණු කෙරෙහි අවධානය යොමු කිරීමට ඇති හැකියාව තුළයි.

එය කාන්තා අයිතිවාසිකම් සහ සවිබල ගැන්වීම වෙනුවෙන් පෙනී සිටින සාමූහික ක්‍රියාමාර්ග සහ සහයෝගීතාවය සඳහා වේදිකාවක් සපයනවා.

ජාත්‍යන්තර කාන්තා දිනය යනු කාන්තාවන්ගේ ජයග්‍රහණ සැමරීමේ දිනයක් පමණක් නොවන අතර එය ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය සඳහා ක්‍රියා කිරීමට කැඳවීමක් ද වන බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.

Share This