ජෝර්දාන සිරියා දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ප්‍රහාරයක්

ජෝර්දාන සිරියා දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ප්‍රහාරයක්

ජෝර්දාන -සිරියා දේශසීමාව ආසන්නයේ පිහිටි එක්සත් ජනපද කඳවුරකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල කිරීමෙන් එක්සත් ජනපද සෙබළුන් තිදෙනෙකු මිය ගොස් බොහෝ පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා .

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් පැවසුවේ මෙම ප්‍රහාරය “ඉරානයේ පිටුබලය ලබන සටන්කාමී කණ්ඩායම්” විසින් සිදු කරන ලද බවයි.

එමෙන්ම ඔක්තෝබර් 7 වැනිදා ඊශ්‍රායලයට එල්ල වූ හමාස් ප්‍රහාරයෙන් පසු එල්ල කළ ප්‍රහාරයකින් එක්සත් ජනපද හමුදා කලාපය තුළ මිය ගිය පළමු අවස්ථාව මෙය බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

ජෝර්දානය පවසන්නේ ප්‍රහාරය එල්ල වූයේ ජෝර්දානය තුළ නොව සිරියාවේ බවයි.

කලාපයේ එක්සත් ජනපද කඳවුරුවලට වෙනත් ප්‍රහාර එල්ල වී ඇති නමුත් මේ දක්වා එක්සත් ජනපද හමුදාව විසින් කිසිදු හානියක් වාර්තා කර නැහැ

මෙම නවතම ප්‍රහාරය පිටුපස සිටින්නේ කවුරුන්ද යන්න පැහැදිලි නැති බවද විදෙස් මාධ්‍ය පවසනවා

මියගිය සහ තුවාල ලැබූ සෙබළුන්ගේ නම් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති අතර ඔවුන්ගේ පවුල්වලට දැනුම් දීමට නිලධාරීන් කටයුතු කරමින් සිටිනවා

මේ අතර එක්සත් ජනපද නිලධාරීන් පවසන්නේ අවම වශයෙන් හමුදා නිලධාරීන් 34 දෙනෙකු තුවාල සඳහා ප්‍රතිකාර ලබන බවයි

 

Share This