ටැන්සානියාවේ පතලක සිදුවූ නායයාමකින් 22 ක් මරුට

ටැන්සානියාවේ පතලක සිදුවූ නායයාමකින් 22 ක් මරුට

උතුරු ටැන්සානියාවේ නීතිවිරෝධී පතලක සිදුවූ නායයාමකින් පුද්ගලයන් 22 දෙනෙකු මියගොස් ඇති බව එරට බලධාරීහු පවසනවා .

මෙම සිදුවීම Simiyu කලාපයේ Bariadi දිස්ත්‍රික්කයේ Ng’alita පතලේ සිදුවූ බව දිස්ත්‍රික් කොමසාරිස් Simon Simalenga සඳහන් කර ඇත්තේ

අධික වර්ෂාව හේතුවෙන් ක්‍රියාකාරකම් සීමා වූ ප්‍රදේශයක පිරිසක් පතල් කැණීම ආරම්භ කිරීමෙන් පසුව මෙම නායයාම සිදුව ඇති බව සඳහන් වනවා

එරට ජනාධිපති Samia Suluhu Hassan මෙම සිදුවීම පිළිබඳව සිය කණගාටුව ප්‍රකාශ කර තිබෙනවා

දිස්ත්‍රික් කොමසාරිස් Simon Simalenga පවසා සිටියේ පතල් තුළ පුද්ගලයන් 19 ත් 20 ත් අතර සංඛ්‍යාවක් සිරවී සිටින බව තමාට මුලින් දැනගැනීමට ලැබුණ නමුත් මළ සිරුරු 22 ක් ගොඩගැනීමෙන් පසු සෙවීම් කටයුතු අවසන් වූ බවයි.

පවතින අධික වර්ෂාව හේතුවෙන් හදිසි ගංවතුර තත්ත්වයක්ද හටගෙන ඇති බැවින් එම ප්‍රදේශයට ගමන් කිරීමද සීමා කර තිබෙනවා .

 

Share This