ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක්වී සංක්‍රමණිකයන් 60ක් මියයයි

ඩිංගි යාත්‍රාවක් අනතුරට ලක්වී සංක්‍රමණිකයන් 60ක් මියයයි

මධ්‍යධරණී මුහුදේදී ඩිංගි යාත්‍රාවක් අනතුරකට ලක්වීමෙන් සංක්‍රමණිකයන් 60 දෙනෙකු මිය ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම එම යාත්‍රාවේ සිටි 25 දෙනෙකුගේ දිවි ගලවා ගැනීමට මානුෂීය කණ්ඩායමක් වන SOS Méditerranée විසින් මෙහෙයවනු ලබන Ocean Viking නෞකාව සිටි අය සමත් වූ බව සඳහන්.

මෙම ඩිංගි යාත්‍රාව දින කිහිපයකට පෙර ලිබියානු වෙරළ තීරයේ සවියා (Zawiya) ප්‍රදේශයෙන් මධ්‍යධරණී මුහුද වෙත ගමන් ආරම්භ කර තිබෙනවා.

ගමන ආරම්භ කර දින තුනකට පසු ඩිංගි යාත්‍රාවේ එන්ජිම ක්‍රියා විරහිත වීම නිසා බෝට්ටුව මුහුදේ පාවී තිබෙනවා.

SOS Méditerranée පවසන්නේ Ocean Viking කණ්ඩායම අනතුරට ලක්වූ ඩිංගි යාත්‍රාව දුරදක්නයක් මගින් දුටු බවයි.

කෙසේ වෙතත් දිවි ගලවා ගත් අය ඉතා දුර්වල සෞඛ්‍ය තත්ත්වයක පසුවන අතර ඔවුන් සියල්ලන්ම වෛද්‍ය ප්‍රතිකාර යටතේ සිටින බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

Share This