ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජයග්‍රහණයකින් ඉදිරියට

ඩොනල්ඩ් ට්‍රම්ප් තවත් ජයග්‍රහණයකින් ඉදිරියට

2024 රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂකත්වය ලබාගැනීම සඳහා වූ සටනින් ඩොනල්ඩ් ට්‍රම්ප් නිව් හැම්ප්ෂයර් ප්‍රාන්තය ජයග්‍රහණය කර තිබෙනවා .

ඒ අවසන් ප්‍රතිවාදියා වූ දකුණු කැරොලිනාවේ හිටපු ආණ්ඩුකාර නිකී හේලි පරාජය කරමිනුයි

ඔහුගේ ජයග්‍රහණයෙන් අදහස් වන්නේ නිකී හේලි සිය මැතිවරණ ව්‍යාපාරය අවසන් කිරීමට තවමත් සූදානම් නැති වුවත්, නාමයෝජනා සඳහා වූ තරඟය අවසන් වී ඇති බවයි.

මේ අනුව නොවැම්බරයේ පැවැත්වෙන මහ මැතිවරණයේ දී ඩිමොක්‍රටික් අපේක්ෂකයා වන ජනාධිපති ජෝ බයිඩන් සමග නැවත තරගයක් පැවැත්වීම පිළිබඳව දැන් වඩාත් විශ්වාස වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ

 

Share This