ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් 27ක් මරුට

ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් 27ක් මරුට

රුසියාවේ පාලනය යටතේ පවතින ඩොනෙට්ස්ක් නගරයට එල්ල වූ ෂෙල් ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයන් 27 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව මොස්කව්හි ස්ථාපිත කලාපයේ නායකයා පවසා තිබෙනවා.

කාර්යබහුල වෙළඳපොලක මෙම පිපිරීම සිදුව ඇති බැවින් මියගිය සංඛ්‍යාව ඉහළ යා හැකි බවයි ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ

කලාපය තුළ ක්‍රියාත්මක වන යුක්‍රේන හමුදා කණ්ඩායමක් ප්‍රකාශ කළේ තමන් ප්‍රහාරය සිදු නොකළ බවයි.

ඩොනෙට්ස්ක් නගරය සහ නැගෙනහිර යුක්‍රේනයේ පුළුල් කලාපයේ කොටස් 2014 දී රුසියානු පිටුබලය ලබන හමුදා විසින් ප්‍රථමවරට අත්පත් කර ගත් අතර, එතැන් සිට එම ප්‍රදේශය මොස්කව් විසින් අර්ධ වශයෙන් පාලනය කර තිබෙනවා .

Share This