
තරුණයකු යටකර ජීවිත හානි කළ රියදුරුට ඇප දුන්නාට තලවාකැලේ දී ඥාති උද්ඝෝෂණයක්
රිය අනතුරකින් මියගිය තරුණයකුගේ සිරුරක් තලවකැලේ නගරය මධ්‍යයේ තබාගෙන රිය අනතුරක් සිදුකර ඇප මත මුදාහැරි අයකු අත් අඩංගුවට ගන්නා ලෙස පොලීසියට බල කරමින් උද්ඝෝෂණයක් සිදු කළා.
මියගිය තරුණයාගේ ඥාතීන් සහ හිතවතුන් සිදුකළ මෙම උද්ගෝෂණය හේතුවෙන් ඊයේ රාත්‍රියේ විනාඩි 30 ක් පමණ මාර්ග ගමනා ගමනයට දා බාධා සිදු වුණා.
පසුගිය දීපවාලි දිනය යෙදී තිබූ ඔක්තෝබර් 20 වැනිදා තලවාකැලේ නගර මධ්‍යයේ රතිඥ්ඥා දල්වමින් සිටි තරුණයන් දෙදෙනකු යටකරමින් කැබ් රථයක් ධාවනය කරන ආකාරය වීඩියෝ දර්ශන සහිතව මාධ්‍ය මගින් ප්‍රචාරය කළා.
සිද්ධියෙන් තුවාල ලැබූ තරුණයන් දෙදෙනාගෙන් එක් අයකු ජීවිත්ක්ෂයට පත් වුණේ නුවරඑළිය දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කිරීමෙන් පසුවයි.
පසුව බීමත්ව කැබ් රථය පැදවූ රියදුරු තලවකැලේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන නුවර එළිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින කිහිපයක් රක්ෂිත බන්ධනාගාර ගත්කර සිට ඇප මත මුදාහැර තිබෙනවා.
අනතුරින් මියගියේ තලවකැලේ ,ශාන්ත ඇන්ඩෘ වත්තේ පදිංචිව සිටි සෙල්වකුමර් සෙවනායගම් පුෂ්පකුමාර නමැති 28 හැවිරිදි තරුණයෙක්.
මෙම තරුණයා පුද්ගලික බස් රථයක කොන්දොස්තරවරයකු ලෙස සේවයේ යෙදී සිටි අයකු බව අප වාර්තාකරු පැවසුවා.
පසුව උද්ඝෝෂණය වූ ස්ථානයට පැමිණි තලවාකැලේ පොලිස් ස්ථානාධිපතිවරයා සැකකාර රියදුරු යලි අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවට පොරොන්දු වී තිබෙනවා.



