දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක්

Reykjanes අර්ධද්වීපයේ තවත් ගිනිකඳු පිපිරීමක් හේතුවෙන් දකුණු අයිස්ලන්තයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මෙය 2023 වසරේ දෙසැම්බර් සිට සිව්වන වරට සිදුවී ඇති බවයි සඳහන් වන්නේ.

එරට බලධාරීන් ජනතාවගෙන් එම ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස ඉල්ලා සිටින අතර එම ප්‍රදේශයේ දැනට පවතින ගිනිගැනීම් හේතුවෙන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටින කුඩා නගරයක් වන Grindavik හි පදිංචිකරුවන් ද සිටිනවා.

අයිස්ලන්තයේ වඩාත් ජනප්‍රිය සංචාරක ආකර්ෂණයක් වන ඒ ආසන්නයේ ඇති Blue Lagoonද එම ස්ථානයෙන් ඉවත් කර තිබෙනවා.

කෙසේ වෙතත් තවමත් අයිස්ලන්තයේ ගුවන් කලාපය විවෘතව පවතින බවයි සඳහන් වන්නේ.

රටේ සිවිල් ආරක්ෂක සේවයට පවසන්නේ, ගිනි කන්ද පිපිරීම ආරම්භ වී ඇත්තේ ඊයේ රාත්‍රී 08ට පමණ බවයි.

Share This