දකුණු කොරියානු නෞකාවක් ජපාන මුහුදේදී අනතුරක -7 දෙනෙකු මරුට

දකුණු කොරියානු නෞකාවක් ජපාන මුහුදේදී අනතුරක -7 දෙනෙකු මරුට

දකුණු කොරියාවට අයත් රසායනික ටැංකි සහිත නෞකාවක් ජපානයේ යමාගුචි ප්‍රාන්තයට ආසන්න ප්‍රදේශයේ දී අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් 7 දෙනෙකු මියගොස් තිබෙනවා.

යාත්‍රාව අනතුරට ලක්වන අවස්ථාවේ එහි කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් 11 දෙනෙකු සිට ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අනතුරින් තවත් දෙදෙනෙකු අතුරුදන්ව සිටින අතර ඔවුන් සොයා මෙහෙයුම් ආරම්භ කර තිබෙනවා.

යාත්‍රාවේ සිටි තවත් දෙදෙනෙකු සොයාගැනීමට සමත් වී ඇති බව සඳහන්.

Share This