
දිඹුලාගල බෝගස්වැව දී ඌරන් දෙදෙනකු සොරාගෙන මස් කළ 4 ක් පොලිස් අත්අඩංගුවට
දිඹුලාගල, බෝගස්වැව ප්‍රදේශයේ ඌරු කොටුවකින් ඌරන් දෙදෙනකු පැහැරගෙන ගොස් එකකු මස්කර විකුණමින් සිටි සහ අනෙක් ඌරා කුඹුරක වළ දමා සඟවා ඇති බව කියන පුද්ගලයන් සිව්දෙනෙකු සහ ඔවුන් භාවිතා කළ යතුරුපැදි තුනක් අද (09) මනම්පිටිය පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය පැවසුවේ සැකකරුවන් අවුරුදු 20 ත් 30 ත් අතර වයසේ පසුවන බෝගස්වැව සහ වෙහෙරගම ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි.
මෙම පුද්ගලයන් එක් ඌරෙකු මස්කර අලෙවි කරමින් සිටි බවත්,තවත් ඌරෙකු මරා, ඌරු කොටුව අසල කුඹුරක සඟවා තිබූ බවත් මනම්පිටිය පොලිසිය සඳහන් කළා.
සැකකරුවන් සතුව තිබූ ඌරු මස් කිලෝ ග්‍රෑම් 30 ක් සහ මරා කුඹුරක වළදමා තිබූ ඌරාද පොලීසිය සොයාගෙන තිබෙනවා.
ඌරු කොටුවේ හිමිකරු කරන ලද පැමිණිල්ලකට අනුව සැකකරුවන්, ඌරු මස් හා මරා කුඹුරක වළදමා තිබූ ඌරාද යතුරුපැදි තුනද පොලීසිය බාරයට ගැනීමට කටයුතු කර තිබූණා.

