දිවුලපිටියේ ටයර් කම්හලක් ගින්නෙන් විනාශයි

දිවුලපිටියේ ටයර් කම්හලක් ගින්නෙන් විනාශයි

දිවුලපිටිය, හොරගස්මුල්ල ප්‍රදේශයේ අද දින ටයර් කර්මාන්ත ශාලාවක අද ගින්නක් හටගත්තා.

මෙම ගින්නෙන් ලොරි රථයක්ද පිළිස්සී තිබෙනවා.

කර්මාන්ත ශාලාවේ එක් කොටසක් සම්පූර්ණයෙන් ගිනි ඇවිලී ඇති බවද දිවුලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා පැවසුවා.

පොලීසිය පැවසුවේ මෙම ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බව‍යි.

ගින්නෙන් කිසිදු පුද්ගලයෙකුට හානි වී නොමැති බවත් දිවුලපිටි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මීගමුව සහ ගම්පහ ගිනි නිවන රථ හා දිවුලපිටිය ප්‍රාදේශීය සභාවේ වතුර බහුසරයක්ද පැමිණ තිබෙනවා.

මෙම ගින්න මැඩ පැවැත්වීම සඳහා මරදගහමුල ප්‍රදේශවාසීන් සමඟ පොලිසිය උත්සාහ ගනිමින් සිටින බව වාර්තා වුණා.

 

Share This