දෙසැම්බර් 16 සිට පාසල් විවෘත වෙන්නෙ මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන් පැහැදිළි කිරීමක්

දෙසැම්බර් 16 සිට පාසල් විවෘත වෙන්නෙ මෙහෙමයි – අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් ගෙන් පැහැදිළි කිරීමක්

දිවයිනට බලපෑ අහිතකර කාලගුණික තත්ත්වය හේතුවෙන් පාසල් පද්ධතියට සිදු වූ බලපෑම සහ එය නැවත යථාතත්ත්වයට පත් කිරීම, 2025 වර්ෂයේ තෙවැනි පාසල් වාරයේ දෙවැනි කොටස ආපදා තත්ත්වයෙන් පසුව දෙසැම්බර් 16 දින ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා පවසනවා.

ඔහු පැවසුවේ පළාත් ලෙස බස්නාහිර,දකුණ,උතුර,නැගෙනහිර,සබරගමුව සහ උතුරු මැද සියලුම පාසල් විවෘත ක‍රන බවයි.

ඒ අනුව සමස්ත පාසල් 10,076 ක් අතරින් පාසල් 9929 ක් දෙසැම්බර් මස 16 වැනිදා විවෘත කි‍රීමට අධ්‍යාපන අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එහි ලේඑකම්වරයා සඳහන් කළා.

මේ වන විට පාසල් විවෘත කිරීමට නොහැකි බවට දැනුම් දී ඇති පාසල් 147 ක් ප්‍රධාන වශයෙන් පළාත් තුනකට අයත් බව නාලක කළුවැව මහතා පැවසුවා.

එම පළාත් වන්නේ ඌව පළාතේ පාසල් 26 ක්, ඒ අනුව වැලිමඩ කලාපයේ පාසල් 5 ක් ,බණ්ඩාරවෙල කලාපයේ පාසල් 3 ක්, බදුල්ල කලාපයේ පාසල් 7 ක්, පස්සර කලාපයේ පාසල් 5 ක් , වියළුව පාසල් 6 ක් ඇතුලත්.

වයඹ පළාතේ පාසල් 6 ක් විවෘත කළ නොහැකි බව පළාත් බලධාරීන් දැනුම් දී තිබෙනවා.

ඒ මහව කලාපයේ එක් පාසලක් සහ ඉබ්බාගමුව කලාපයේ පාස්ල් 5 ක් ලෙසයි.

මධ්‍යම පළාතේ පාසල් 115 ක් තවදුරටත් විවෘත කිරීමට නිහැකි තත්ත්වයේ පවතිනවා.

මහනුවර අධ්‍යාපන කලාපයේ පාසල් 4 ක්, දෙනුවර කලාපයේ පාසල් 8ක්, ගම්පොල කලාපයේ පාසල් 8ක්,වලපනේ කලාපයේ පාසල් 7 ක්,හඟුරන්කෙත කලාපයේ පාසල් 15 ක්, කොත්මලේ කලාපයේ පාසල් 17 ක්, මාතලේ කලාපයෙ පාසල් 38ක්, නාඋල කලාපයේ පාසල් 3 ක් සහ නුවරඑළිය කලාපයේ පාසල් 15 ක් ලෙස දැක් වෙනවා.

කෙසේ නමුත් පළාත් බලධාරීන් දැනුම් දී ඇත්තේ මේ වනවිටත් මේ පාසල් අතරින් බොහොමයක් කඩිනමින් විවෘත කිරීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවයි.

පාසල් විවෘත කිරීමට අදාල නිල චක්‍රලේඛය අද නිකුත් කරන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවා.

මේ මස 16 ආරම්භවන පාසල්වාරය දෙසැම්බර් මස 22 දක්වා පවත්වන බව අධ්‍යාපන අමත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළා.

නත්තල් නිවාඩුවෙන් පසුව දෙසැම්බර් මස 29, 30,31 යන දින තුන නැවත පාසල් පැවැත්වෙන බව ඔහු සඳහන් කළා.

ඒ අනුව 2025 පාසල් තෙවන වාරයේ අධ්‍යන කටයුතු අවසන් වන්නේ දෙසැම්බර් මස 31 වැනිදායි.

මුස්ලිම් පාසල් දෙසැම්බර් මස 16 ආරම්භ කර අඛන්ඩව එම පාසල් ක්‍රියාත්මක කෙරෙන අතර එම පාසල් වාරය අවසන් වන්නේ 2026 ජනවාරි 02 වැනිදායි.

ඉන් අනතුරුව මෙම පාසල් වර්ග දෙකම 2026 අධ්‍යන කටයුතු සඳහා ජනවාරි 05 වැනි දින ආරම්භ කරන බව නාලක කළුවැව මහතා පැවසුවා.

මෙතැන් සිට ජනවාරි 10 දක්වා පළමු සතිය 2026 වර්ෂය සඳහා ක්‍රියාත්මක වී ජනවාරි 12 සිට ජනවාරි 20 දක්වා නැවත පාසල් නිවාඩුවක් ලබාදීමට කටයුතු යොදා තිබෙනවා.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා පැවසුවේ මෙම කාලය තුල දැනට නවතා ඇති අ.පො.ස. උසස් පෙළ විභාගයේ ඉතිරි කොටස් අදාල කාලය තුල පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

උසස් පෙළ විභාගයේ ඉතිරි විෂයන් පැවැත්වීම සම්බධව කොමසාරිස් ජනරාල්වරිය ඉදිරියේ දී දැනුවත් කිරීමට කටයුතු කරනු ඇති බව ඔහු සඳහන් කළා.

2026 ජනවාරි 21 සිට නැවත පාසල්වල අධ්‍යන කටයුතු ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

එම පාසල් වාරය 2026 පෙබරවාරි 13 දක්වා ක්‍රියාත්මක වනවා.

2025 වසරේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාග කටයුතු පැවැත් වෙන්නේ පෙබරවාරි මස 14 සිට මාර්තු මස මාර්තු මස 02 දක්වායි.

මෙම විභාගයෙන් පසුව 2026 මාර්තු 03 සිට අප්‍රේල් 10 දක්වා පාසල් අධ්‍යන කටයුතු සිදුකිරීමට නියමිතයි.

දෙසැම්බර් මස 16 වැනිදා පාසල් කටයුතු ආරන්භ කිරීම සඳහා පාසල් අධ්‍යන සහ අන්ධ්‍යන කාර්ය මණ්ඩල 15 වැනි දින රාජකාරි සඳහා වාර්තා කළයුතු බව ද අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයා අවධාරණය කළා.

– උණුසුම් පුවත් ඔබගේ ජංගම දුරකථනයට ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් LIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.
– ඉංග්‍රීසි භාෂාවෙන් පුවත් ගෙන්වා ගැනීමට ඔබේ ඩයලොග් දුරකථනයෙන් REG හිස්තැනක් ELIVE ලෙස TYPE කර 678 ට SMS කරන්න.

 

 

 

Share This