නයිජීරියානු සිසුන් 280කට අධික පිරිසක් පැහැර ගැනේ

නයිජීරියානු සිසුන් 280කට අධික පිරිසක් පැහැර ගැනේ

වයඹ දිග කුරිගා නගරයේදී නයිජීරියානු පාසල් සිසුන් 280කට වැඩි පිරිසක් පැහැරගෙන ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

වයස අවුරුදු 8ත් 15ත් අතර පසුවන සිසුන් පිරිසක් ගුරුවරයෙකු සමඟ රැගෙන ගොස් ඇති බව සඳහන්

යතුරුපැදිවලින් පාසලට පැමිණි තුවක්කුකරුවන් පිරිසක් ඔවුන් පැහැරගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ

ද්විතීයික පාසලකින් සිසුන් 187 ක් සහ ප්‍රාදේශීය ප්‍රාථමික පාසලෙන් 125 ක් අතුරුදහන් වී ඇති බවයි මෙම පැහැර ගැනීම තහවුරු කරමින් කුරිගා ඇතුළු කඩුනා ප්‍රාන්තයේ ආණ්ඩුකාර උබා සානි විසින් පවසා ඇත්තේ

මේ අතර තුවක්කුකරුවන් විසින් එක් ගැහැණු ළමයෙකුට වෙඩි තබා ඇති අතර ඇය රෝහල් ගත කර තිබෙනවා.

Share This