නයිජීරියාවේ සිදුවූ පිපිරීමකින් 2ක් මරුට -77 කට තුවාල

නයිජීරියාවේ සිදුවූ පිපිරීමකින් 2ක් මරුට -77 කට තුවාල

නයිජීරියාවේ ඉබාදාන් නගරයේ සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් 77 දෙනෙකු තුවාල ලබා තිබෙනවා .

එමෙන්ම නයිජීරියාවේ තුන්වන වැඩිම ජනගහනය සහිත නගරයේ තදාසන්න ප්‍රදේශ හතක ගලවා ගැනීමේ සහ ප්‍රතිසාධන ප්‍රයත්නයන් සිදු වෙමින් පවතින බවද සඳහන්

පිපිරීමට හේතුව තවමත් අපැහැදිලි නමුත් බලධාරීන් සැක කරන්නේ නිවසක ගබඩා කර තිබූ පුපුරණ ද්‍රව්‍ය කැණීම නිසා මෙය සිදුවන්නට ඇති බවයි.

පිපිරීමෙන් ගොඩනැගිලි සුන්බුන් අසලට වැටී ඇති අතර ෂෙල් වෙඩි වැදී වාහන රැසක් විනාශ වී තිබෙනවා

පිපිරීම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් පවත්වන බව එරට පොලිසිය සඳහන් කරනවා

Share This