
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පස්වරු 2 දක්වා උගන්වන්න ගුරු විරෝධයක් නැතැයි අගමැතිනිය කියයි
නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ පාසල් කාලය පස්වරු 2 දක්වා දිර්ඝ කිරීම සම්බන්ධයෙන්, බිම් මට්ටමේ කිසිදු ගුරුවරයෙකුගෙන් විරෝධයක් එල්ලවී නොමැති බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය පවසනවා.
අග්‍රාමාත්‍යවරිය මේ බව කියා සිටියේ, මඩකලපුව ප්‍රදේශයේ පැවැති වැඩසටහනකදීයි.
ලබන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන්, නැගෙනහිර පළාතේ විදුහල්පතිවරුන් සහ ගුරුවරුන්, ඇතුළු අධ්‍යාපන බලධාරින්, සමග සාකච්ඡාවක්, මඩකලපුවේදී පැවැත්වුණේ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවියගේ ප්‍රධානත්වයෙන්.
