නීතිය අතට ගත් පානදුර – කොළඹ බස් රථ කොන්දොස්තර

නීතිය අතට ගත් පානදුර – කොළඹ බස් රථ කොන්දොස්තර

මේ පොලුවලින් පහර දෙන්නේ කැලෑ බද ප්‍රදේශයක නොව අග නගරය වූ කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට පානදුර සිට කොළඹ බස් රථයක කොන්දොස්තර සහ ඔහුගේ මිතුරකුයි.

සිද්ධියේ වරද කා අත වුවද නීතිය තමන් අතට ගැනීම කෙළවර වන්නේ ඇතැම්විට ඝාතනයකිනි.

මේ සිදුවීම අද (02) උදෑසන සිදුවන්නේ ගාලුමුවදොර පිටියේයි.

බස් රථයේ ගමන් ගත් මගියෙකුට ගාලු මුවදොර පිටිය අසලදී පොල්ලකින් පහර දෙන අයුරු ජංගම දුරකථනයකින් වීඩියෝ කර තිබුණේ බස් රථයේ සිටි මගියෙක්.

රටේ ප්‍රසිද්ධ ස්ථානයකත් මගියකුට ආරක්ෂාව නැති නම් අනෙක් ස්ථානවල සිදුවන දෑ ගැන කියන්නම දෙයක් නැති තරම් ය.

රටේ ජනාධිපතිගේ නිල කාර්යාලය ඉදිරිපිට දී පොලු පහර වැදී තරුණයකු ඝාතනය වන්නට වුවද පුළුවන්.

බස් කොන්දොස්තරට හෝ රියදුරුට නීතිය අතට ගන්නට ඇති බලය කුමකද?

 

Share This